Xiaomi සමාගම ඉදිරි වසර තුන ඇතුලත ලොව අංක එකේ දුරකතන සන්නාමය බවට පත් වීමට සැලසුම් කර ඇති බව Lei Jun ප්‍රකාශ කරයි

All Page Ads

Enter the ad code here. Recommended ad size 970px x 250px. This ad will appear on the main page, index, post page and static.

Xiaomi සමාගම ඉදිරි වසර තුන ඇතුලත ලොව අංක එකේ දුරකතන සන්නාමය බවට පත් වීමට සැලසුම් කර ඇති බව Lei Jun ප්‍රකාශ කරයි

Admin
Thursday, December 30, 2021
Xiaomi සමාගම ඉදිරි වසර තුන ඇතුලත ලොව අංක එකේ දුරකතන සන්නාමය බවට පත් වීමට සැලසුම් කර ඇති බව Lei Jun ප්‍රකාශ කරයි

පසුගියදා Xiaomi සමාගම විසින් පැවැත්වූ Launching Event එක තුලදී Xiamoi 12 ජංගම දුරකථන පෙළ, MIUI 13 හා Xiaomi watch S1 ඇතුලු නව නිෂ්පාදන පෙළක් ඔවුන්ගේ සන්නාම යටතේ එලි දක්වන ලදී. මෙහිදී Xiaomi සමාගමේ නිර්මාතෘ සේම ප්‍රධාන විධායක නිලධාරී වන Lei Jun මහතා සමාගමේ අනාගත සැලසුම් පිළිබදව කරුණු කිහිපයක් හෙළි කරනු ලැබුවා.

Xiaomi සමාගම ඉදිරි වසර තුන ඇතුලත ලොව අංක එකේ දුරකතන සන්නාමය බවට පත් වීමට සැලසුම් කර ඇති බව Lei Jun ප්‍රකාශ කරයි

මෙම වසරේ මුල් භාගයේදී Xiaomi සමාගම විසින් Apple සමාගමේ ගෝලීය නැව්ගත කිරීමේ සීමාව ඉක්මවා ගිය අතර මේ හේතුවෙන් ඔවුන් වසරේ මුල් භාගය තුල Apple සමාගම අභිබවා යමින් යුරෝපා ජංගම දුරකථන වෙළෙඳපොළ දෙවෙනි ස්ථානයට පත් විය. මෙහිදී Lei jun මහතා ප්‍රකාශ කරනු ලැබුවේ ඉදිරි වසර 3ක කාලය තුල ඔවුන් ලොව අංක එකේ ජංගම දුරකථන විකුණුම් සන්නාමය බවට පත්වීමට කටයුතු කරමින් සිටින බවයි.

මීට පෙරද Xiaomi සමූහයේ උප සභාපති සහ Redmi හි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වන Lu Weibing මහතා විසින් මේ වසරේ නොවැම්බර් මාසයේදී ඔහු සමග සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක් තව දුරටත් පැහැදිලි කරමින් Webio නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ Samsung හා Apple සමාගම් අභිබවා 2024 වසර තුලදී ලොව අංක 1 සන්නාමය බවට පත් වීමට Lei jun මහතා විසින් විකුණුම් ඉලක්කයක් ඉදිරිපත් කර ඇති බවත් මෙම ඉලක්ක සාක්ශාත් කරගැනීම වෙනුවෙන් ඔවුන් විසින් ප්‍රථමයෙන්ම චීන වෙළද පොල අවශ්‍යතාවයෙන් 70% ක් සැපයීම කරා ලගා වීමට කටයුතු කරන බවත් ය.

මේ වෙනුවෙන් ඔවුන් ඉදිරි වසර තුල ඔවුන්ගේ චීනය තුල අලෙවිසැල් ප්‍රමාණය 10000 සිට 30000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවත් දක්වා තිබුණා. එසේම වැඩිදුරටත් එහි දක්වා තිබුණේ ඔවුන් එක් සමාගමක් සමග තරග කරනවාට වඩා මුල් පෙලේ ජංගම දුරකථන නිෂ්පාදකයින් සියල්ල සමග තරග කිරීමට හැකි ජංගම දුරකථන නිපදවීම ඔවුන්ගේ අරමුණ බවයි.

Xiaomi සමාගම ඉදිරි වසර තුන ඇතුලත ලොව අංක එකේ දුරකතන සන්නාමය බවට පත් වීමට සැලසුම් කර ඇති බව Lei Jun ප්‍රකාශ කරයි
Lei Jun

Lei jun මහතා විසින් ඔවුන් සිය වෙළද ආදිපත්‍යය පතුරුවන ආකාරය පිළිබදව කරුණු කිහිපයක් මෙහිදි හෙළිකර තිබෙනවා. ඔවුන් මේ අවස්ථාවේ ජංගම දුරකථන වෙළදපොලේ තෙවන ස්ථානය හිමි කරගෙන සිටින අතර ඇපල් සමාගමට මදක් පසුපසින් සිටිනවා. එසේම පසුගිය කාලයේ ඇමරිකා එක්සත් ජනපදය විසින් Huawei සමාගමට පනවා ඇති Chip තහනම හේතුවෙන් Huawei පාරිභෝගිකයන්ද Redmi හා Xiaomi සමග එක්වීමේ නව ප්‍රවණතාවක් පවතිනවා.

කෙසේ වෙතත් තවත් වසර 3කින් සිදුවන්නේ කුමක්ද යන්න කාලය පමණක්ම දන්නා කරුණක් වෙන අතර බොහෝ විට Xiaomi සමාගමේ මෙම අනාගත සැලැසුම් සාර්ථකත්වයට පත් විමට මෙන්ම මේ සැලසුම් තුලින් Xiaomi පාරිභෝගිකයන් සදහා සැලකිය යුතු ප්‍රතිලාභත් ලැබෙනු ඇතැයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source: Gizmochina

from Android වැඩකාරයෝ - Sinhala Tech News provider https://ift.tt/33YB8Dp
via IFTTT