Covid 19 එන්නත්කරණ කාඩ්පතේ අනාගතය සමතුල තැන්පත් කරන Microchipද?

All Page Ads

Enter the ad code here. Recommended ad size 970px x 250px. This ad will appear on the main page, index, post page and static.

Covid 19 එන්නත්කරණ කාඩ්පතේ අනාගතය සමතුල තැන්පත් කරන Microchipද?

Admin
Wednesday, December 29, 2021
Covid 19 එන්නත්කරණ කාඩ්පතේ අනාගතය සමතුල තැන්පත් කරන Microchipද?

මේ වෙන විට ලොවපුරා පවතින Covid වසංගත තත්වයත් සමග එදිනෙදා ජිවිතයේදි Covid 19 Vaccination Certificate ලග තබා ගැනිම අත්‍යවශ්‍ය වෙන මට්ටමට දැන් පැමිණ තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුලත් එළඹෙන වසර ජනවාරිවල සිට පොදු ස්ථානවලට ඇතුළුවීමට Covid 19 එන්නත්කරණ කාඩ්පත් අත්‍යවශ්‍ය වෙනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අවධාරණය කළ අතර රජය විසින් මෙම එන්නත් කාඩ්පත් ඉදිරිපත් කිරිම පහසු කිරිමට එන්නත් ලබා ගත් පුද්ගලයින් සදහා App එකක් හදුන්වා දිමටත් බලාපොරොත්තුවෙන් සිටින බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා.

මේ වෙන විට ලොව බොහෝ රටවල Digital ක්‍රමවේදයන් ඔස්සේ මෙම එන්නත් කාඩ්පත් හෝ එන්නත්කරණ තොරතුරු ලග තබා ගැනිමේ පහසුකම් සපයා තිබෙනවා. කෙසේ වෙතත් ⁣මේ ක්‍රමවේදයෙන් ඉදිරියට යමින් අනාගතය සදහා ගැලපෙන නව ක්‍රමවේදයක් මේ වෙන විට ස්විඩනයේ සමාගමක් විසින් හදුන්වා දි තිබෙනවා.

මෙය Covid 19 එන්නත්කරණ තොරතුරු ගබඩා කළ හැකි MicroChip එකක් වෙන අතර එය සමෙහි තැන්පත් කළ හැකි අයුරින් නිපදවා තිබෙනවා. ස්විඩනයේ Dsruptive Subdermals නම් සමාගමක් විසින් නිපදවා තිබෙන මෙය මිලිමීටර් 12-14 පමණ දිග NFC Antenna එකක් අඩංගු Chipset එකක් වෙන අතර Bioglass Material මගින් නිපදවා තිබෙනවා.

Covid 19 එන්නත්කරණ කාඩ්පතේ අනාගතය සමතුල තැන්පත් කරන Microchipද?

මේ Microchip එක පුද්ගලයෙකුගේ නළලෙහි හෝ අතෙහි මැණික් කටුවේ සම තුල තැන්පත් කළ හැකි වෙන අතර එය ජංගම දුරකථන මගින් Scan කළ හැකි වෙනවා. NFC තාක්ෂණය මගින් එම MicroChip එකේ ගබඩා කර තිබෙන Covid 19 එන්නත්කරණ තොරතුරු ලබා ගත හැකි වෙනවා. NFC තාක්ෂණය මත මෙය ක්‍රියාත්මක වෙන බැවින් අවශ්‍ය ඕනැම ස්ථානයක දි වුවද ඔබගේ ජංගම දුරකථන නොමැති වුවද වෙනත් අයෙකුගේ ජංගම දුරකථනයක් මගින් හෝ මේ Microchip එක Scan කිරිම මගින් Covid 19 එන්නත්කරණ තොරතුරු ලබා ගත හැකි විම මෙහි ඇති ප්‍රධාන වාසියක් ලෙස දක්වන්න පුළුවන්.

මේ Microchip එක සදහා කිසිදු Battery එකක් හෝ වෙනත් ආකාරයේ Tracking Component කිසිවක් අඩංගු නොවන අතර එය භාවිත කරන පුද්ගලයා සිටින ස්ථානය හෝ එම පුද්ගලයාගේ ක්‍රියාකාරකම් Track කිරිමේ කිසිදු හැකියාවක් නොමැති බවත් මෙම සමාගම වැඩිදුරටත් දක්වා තිබෙනවා. ඒ වගේම මෙයට වසර 50ක පමණ කාලයක් පුරා ක්‍රියාත්මක විමේ හැකියාවත් පවතිනවා. දැනට වාර්තා වෙන තොරතුරුවලට අනුව මෙම Microchip එක යුරෝ 100ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි දක්වන්න පුළුවන්.

Sources: Beebom, Input Mag, AFP News Agency



from Android වැඩකාරයෝ - Sinhala Tech News provider https://ift.tt/3n1ybcb
via IFTTT