iPhone 14 Pro මාදිලිය සඳහා 48MP කැමරාවක්ද, iPhone 15 සඳහා periscope lens එකක්​ද ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

All Page Ads

Enter the ad code here. Recommended ad size 970px x 250px. This ad will appear on the main page, index, post page and static.

iPhone 14 Pro මාදිලිය සඳහා 48MP කැමරාවක්ද, iPhone 15 සඳහා periscope lens එකක්​ද ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

Admin
Friday, December 24, 2021
iPhone 14 Pro මාදිලිය සඳහා 48MP කැමරාවක්ද, iPhone 15 සඳහා periscope lens එකක්​ද ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

Apple සමාගමේ Next-generation iPhone series එක වෙන, මිලග වසරේ නිකුත් විමට නියමිත iPhone 14 Series එක පිළිබඳ මේ වෙන විට විවිධ තොරතුරු අන්තර්ජාලය තුල පළ වෙමින් තිබෙනවා. ඒ අනුව පසුගිය දිනවල iPhone 14 Series එකේදි Notch එක ඉවත් කිරිමේ සුදානමක් ද පවතින බවට තොරතුරු වාර්තා වුවා.

මේ වෙ​න විට වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව Apple සමාගම විසින් මිලග වසර දෙක තුලදි ඔවුන්ගේ iPhone Series වල Camera Technology එක වැඩි දියුණු කිරිම සදහා කටයුතු කරමින් සිටින බවට දක්වන්න පුළුවන්.

ඒ අනුව iPhone 14 Series එකේ Pro model එක සදහා 48MP Camera Sensor එකක් ලබා දෙනු ඇති අතර මේ ඔස්සේ 8K Video Recoding පහසුකමත් මේ Device එකට ලැබෙනු ඇතැයි වාර්තා වෙනවා. මෙම High Resolution 8K Videos, Apple සමාගම විසින් මිලග වසරේදි නිකුත් කිරිමට සුදානමින් සිටින Apple's AR/VR Headset මගින් නැරඹිමේ හැකියාවත් ලැබෙනු ඇතැයි වැඩිදුරටත් දක්වන්න පුළුවන්.

iPhone 14 Pro මාදිලිය සඳහා 48MP කැමරාවක්ද, iPhone 15 සඳහා periscope lens එකක්​ද ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

ඒ වගේම iPhone 14 Pro Models Pixel Binning Process එක සදහා සහය දක්වනු ලබනු ඇති අතර මේ තුලින් 48MP හා 12MP Photos Capture කර ගැනිමේ හැකියාව තිබෙනවා. 48MP ඔස්සේ වැඩි ආලෝක තත්වවලදි ඡායාරූප ගැනිමටත් 12MP ඔස්සේ අඩු ආලෝක තත්වයන්වලදි ඡායාරූප ගැනිමේත් හැකියාව ලැබෙනු ඇත.

මිලග වසර දෙක තුල නිකුත් කරන iPhone Seriesවල Camera Technology එක වැඩි දියුණු කිරිමත් සමග 2023 දී නිකුත් විමට නියමිත iPhone 15 Series එක සදහා Periscope lens එකක් ලබා දෙන්න සුදානමින් සිටින බවටත් මේ වෙන විට තොරතුරු වාර්තා වෙනවා. එමෙන්ම මේ තුලින් iPhone එකේ Optical Zoom Capability එක වැඩි කරනු ඇත.

Sources: Gizmochina, MacRumors

source https://androidwedakarayo.com/apple-iphone-14-pro-to-have-48mp-camera-and-iphone-15-could-feature-periscope-lens/