Movie spoilersලාට වැට බැඳීමේ පහසුකමක් ලබා දීම​ට Telegram සූදානම් ​වේ

All Page Ads

Enter the ad code here. Recommended ad size 970px x 250px. This ad will appear on the main page, index, post page and static.

Movie spoilersලාට වැට බැඳීමේ පහසුකමක් ලබා දීම​ට Telegram සූදානම් ​වේ

Admin
Tuesday, December 28, 2021
Movie spoilersලාට වැට බැඳීමේ පහසුකමක් ලබා දීම​ට Telegram සූදානම් ​වේ

Telegram කියන්නේ මේ වෙන විට ලොව පවතින හොදම විශේෂාංග පවතින Messaging Service එක ලෙස හදුන්වා දෙන්න පුළුවන්. ඒ මගින් සාමාජිකයින් ලක්ෂ දෙකක පමණ Group නිර්මාණය කිරිමේ අවස්ථාව ලබා දි තිබෙන අතරම ඉතා විශාල ප්‍රමාණයේ File Sharing පහසුකමත් ලබා දි තිබෙනවා.

Telegram  තවත් වැදගත් නව Feature එකක් හදුන්වා දිමට සුදානමින් සිටින බවට මේ වෙන විට තොරතුරු වාර්තා වෙනවා. මේ Feature එක මගින් සංවේදි හෝ සැගවිය යුතු Text සගවා දැමිමේ හැකියාව ලැබෙනවා. එනම් එලෙස සගවා දැමිය යුතු Text එක මත Log Press කිරිම ඔස්සේ ලැබෙන Menu එකෙන් එම Selected Text එක Hide කිරිමට Option එකක් ලබා දෙන අතර ඒ මගින් එය Hide කිරිමේ හැකියාව ලැබෙනවා. මෙම Option එක දැනට 'Spoiler' නමින් දැක ගන්න පුළුවන්.

මෙලෙස Hide කර Send කළ විට එම Text එක නොපැහිදිලි ආකාරයෙන් Send විම සිදු වෙනවා. කෙසේ වෙතත් යළිත් එම Text එක පැහැදිලිව දැකගත යුතු නම් ඒ මත Tap කිරිම තුලින් එය පැහැදිලිව දැක ගැනිමේ හැකියාව ලැබෙනවා.

Movie spoilersලාට වැට බැඳීමේ පහසුකමක් ලබා දීම​ට Telegram සූදානම් ​වේ

මේ මගින් එවැනි Text කියවිම වළක්වා ගැනිම මෙන්ම, පහසුවෙන්ම මග හැරිමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ Feature එක Individual Chats හා Group Chat ආකාර දෙකටම ලැබෙයිද යන්න පිළිබඳ තවමත් ප්‍රකාශ කිරිමට නොහැකි අතර මෙවැනි Feature එකක් වැදගත් වෙනුයේ බොහෝ විට Group Chat ආදියට නිසා මෙය බොහෝ විට Group Chat සදහා පමණක් ලබා දිමට ඉඩ පවතිනවා.

ඒ වගේම මේ Feature එක පිළිබඳ Telegram නිල වශයෙන් කිසිදු තොරතුරක් තවමත් ප්‍රකාශ ⁣කර නොමැති අතර ඉදිරි දින කිහිපය තුල මේ පිළිබඳ නිල තොරතුරු අපිට දැන ගැනිමේ හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Android Police, Beebom



source https://androidwedakarayo.com/telegram-is-working-on-letting-you-hide-spoilers/