Apple Music සේවාව හරහා Lossless music ලබාදීම හේතුවෙ​න් Spotify HiFi streaming ප්‍රමාද වන ලකුණු

All Page Ads

Enter the ad code here. Recommended ad size 970px x 250px. This ad will appear on the main page, index, post page and static.

Apple Music සේවාව හරහා Lossless music ලබාදීම හේතුවෙ​න් Spotify HiFi streaming ප්‍රමාද වන ලකුණු

Admin
Monday, December 27, 2021
Apple Music සේවාව හරහා Lossless music ලබාදීම හේතුවෙ​න් Spotify HiFi streaming ප්‍රමාද වන ලකුණු

ඔබට මතක ඇති මේ වසර මුලදි Spotify ආයතනය විසින් HiFi Streaming පහසුකම තම Usersලා සදහා ලබා දිමට සුදානමින් සිටින බව නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා. කෙසේ වෙතත් තවමත් Spotify මේ පහසුකම ලබා දිමට කටයුතු කර නොමැති වු අතර Apple සමාගම විසින් ඔවුන්ගේ Music Streaming Service එක වෙන Apple Music සදහා කිසිදු අමතර සේවා ගාස්තුවකින් තොරව HiFi Lossless Audio Stream කිරිමේ හැකියාව ලබා දිමට කටයුතු කරනු ලැබුවා.

Spotify ආයතනය විසින් HiFi Streaming පහසුකම හදුන්වා දිමට සුදානම් විමේදි තොරතුරු වාර්තා වුයේ මෙය ඔවුන්ගේ Premium Usersලා සදහා Add On Feature එකක් ලෙස අමතරව මුදල් ගෙවා ලබා ගැනිමට යුතු සේවාවක් ලෙස හදුන්වා දිමට සුදානමින් සිටන බවයි. කෙසේ වෙතත් ඔවුන් මේ සදහා සේවා ගාස්තු ප්‍රකාශයට පත් නොකළ අතර මේ වසර අවසානය වෙන විට තොරාගත් රටවල් සදහා ලබා දිමට සුදානම් බවත් දන්වා සිටියා.

මේ වෙන විට වාර්තා වෙන තොරතුරැවලට අනුව තවමත් Spotify සදහා HiFi Streaming පහසුකම නොලැබිමට ප්‍රධාන හේතුව ලෙස Apple සමාගම විසින් ඔවුන්ගේ Music Streaming Service එක සදහා කිසිදු අමතර සේවා ගාස්තු අය කිරිමක් නොමැතිව HiFi Streaming පහසුකම හදුන්වා දිම සදහන් කරන්න පුළුවන්. ඒ අනුව මේ වෙන විට Spotify ආයතනයත් කිසිදු අමතර සේවා ගාස්තුවකින් තොරව HiFi Streaming පහසුකම හදුන්වා දිමට සුදානමින් සිටින බැවින් තවමත් මෙය Spotify Usersලා සදහා ලබා දිමට ප්‍රමාද වෙන බව කිය හැකියි.

කෙසේ වුවත් Spotify ආයතනයත් Apple සමාගමේ අඩිපාරේම යමින් Spotify Music Streaming Service එක සදහාත් HiFi Streaming පහසුකම නොමිලේ ලබා දිමේ වැඩි ඉඩක් පවතින බව අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source: 9to5 google



from Android වැඩකාරයෝ - Sinhala Tech News provider https://ift.tt/3EppbTW
via IFTTT