Fuchsia මඟින් බල ගැන්වෙන දෙවන Google smart display එක බවට Nest Hub Max නුදුරේදී​ම

All Page Ads

Enter the ad code here. Recommended ad size 970px x 250px. This ad will appear on the main page, index, post page and static.

Fuchsia මඟින් බල ගැන්වෙන දෙවන Google smart display එක බවට Nest Hub Max නුදුරේදී​ම

Admin
Wednesday, December 29, 2021
Fuchsia මඟින් බල ගැන්වෙන දෙවන Google smart display එක බවට Nest Hub Max නුදුරේදී​ම

Google සමාගම විසින් නිර්මාණය කරන ලද Operating System ලෙස බොහෝ දෙනා හදුන්වන්නේ Android OS එක හා Chrome OS එකයි. බොහෝ දෙනා නොදන්නා කාරණය මීට අමතරව Google සමාගම විසින් Fuchsia නම් Operating System එකක් ද නිර්මාණය කර තිබෙන බවයි.

මීට කාලයට පෙර මෙම Fuchsia OS එක Android OS එක සදහා ආදේශයක් ලෙස පැමිණෙන බවට තොරතුරු වාර්තා වුවත් එය එසේ නොවු අතර එම OS එක Google සමාගමේ Smart Home Device එකක් වු 1st Gen Nest Hub Smart Display සදහා ලබා දෙනු ලැබුවා.

ඒ වගේම මේ වෙන විට Google සමාගම විසින් මේ OS එක ඔවුන්ගේ තවත් Smart Home Devices සදහා යොදා ගැනිමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව Google Nest Hub Max සදහාත් මේ Fuchsia OS එක ලබා දිමට සුදානම් බවයි වාර්තා වෙන්නේ.

Google Nest Hub Max සදහා Fuchsia OS එක ලබා දිමත් සමග මේ OS එක මගින් ක්‍රියාත්මක වෙන දෙවෙන උපාංගය බවට මෙය පත්වනු ලබනවා.

ඒ වගේම මේ වෙන විට මේ Fuchsia Operating System එක සම්බන්ධයෙන් වාර්තා වෙන තොරතුරුවලට අනුව ඉදිරියේදී Google සමාගම විසින් මෙය Smart Phones හා Laptops සදහා යොදා ගැනිමටත් නියමිත පවතින බව කියන්න පුළුවන්. ඔබට මතක ඇති අපි මීට දින කිහිපයකට පෙර ඔබ වෙත තොරතුරු ගෙන ආවා ඉදිරි වසර කිහිපය තුල Samsung සමාගම විසින් Android OS එකෙන් මේ Fuchsia OS එක වෙත මාරැ විමට යම් බලාපොරොත්තුවකින් සිටින බවත්, ඔවුන් Google සමාගම හා එක්ව Fuchsia OS එකේ Development කටයුතු සිදු කරමින් සිටින බවත්. මේ තොරතුරුත් සමග අපිට ඉදිරි වසර කිහිපය තුල මේ Fuchsia OS එක පිළිබඳ නව බලාපොරොත්තු රැසක් තබා ගත හැකි වෙනවා.

Source : Android Police



from Android වැඩකාරයෝ - Sinhala Tech News provider https://ift.tt/32EKio2
via IFTTT