ශ්‍රී ලංකා​වේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ වැඩසටහන පසුගිය 28 වන දින දියත් කර​යි

All Page Ads

Enter the ad code here. Recommended ad size 970px x 250px. This ad will appear on the main page, index, post page and static.

ශ්‍රී ලංකා​වේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ වැඩසටහන පසුගිය 28 වන දින දියත් කර​යි

Admin
Wednesday, December 29, 2021
ශ්‍රී ලංකා​වේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ වැඩසටහන පසුගිය 28 වන දින දියත් කර​යි

ශ්‍රී ලාංකීය රූපවාහිනී විකාශනය ඩිජිටල් තාක්ෂණය වෙත පරිවර්තනය කරමින් ISDB-T තාක්ෂණය ඔස්සේ මෙරට රූපවාහිනී විකාශන කටයුතු නවතම තාක්ෂණය වෙත පරිවර්තනය කිරිමේ දැවැන්ත ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඊ​යේ දින කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේදී ගරු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබුවා.

ජපාන රජයෙන් පිරිනැමෙන සුවිශේෂ මුල්‍ය ප්‍රධානයක් මගින් ක්‍රියාත්මක වෙන මේ ව්‍යාපෘතිය මගින් මෙරට රූපවාහිනී නාලිකා විකාශකයින්ට, ප්‍රේක්ෂකයින්ට හා සමස්ත මහජනතාව සදහා සුවිශාල ප්‍රතිලාභ හා වරප්‍රසාද රැසක් ලැබෙනවා.

ශ්‍රී ලංකා​වේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ වැඩසටහන පසුගිය 28 වන දින දියත් කර​යි

මේ වෙන විට මෙරට ක්‍රියාත්මක වෙන Analog තාක්ෂණය යටතේ එක් එක් නාලිකාවන් තනි තනි සංඛ්‍යාත පරාස භාවිත කරනු ලබන අතර මේ නව ඩිජිටල්කරණය ව්‍යාපෘතිය තුලින් මෙරට සංඛ්‍යාත පරාසයේ සුවිශාල් ධාරිතා වර්ධනයක් සිදු වෙනු ලබනවා. මේ ඔස්සේ දැනට ක්‍රියාත්මක වෙන රූපවාහිනී නාලිකාවලට අමතරව තවත් නව රූපවාහිනී නාලිකා 200ක් පමණ විකාශය කිරිමේ හැකියාව ලැබෙනවා.

ඒ වගේම මේ ඔස්සේ රූපවාහිනී සංඥා දුර්වලතා ඉවත් විම නිසා සුපැහැදිලි දසුන් සහිත වැඩසටහන් HD තාක්ෂණය ඔස්සේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට උදාවෙනු ලබනවා. බහු රූපවාහිනී ඇන්ටනා ඉවත් කොට එක් ඇන්ටනාවකින් සියලු රූපවාහිනී නාලිකා ග්‍රහණය කර ගැනීමට හැකි වීම ඩිජිටල් කරණයේ තවත් වාසියක් ලෙස දක්වන්න පුළුවන්.

ශ්‍රී ලංකා​වේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ වැඩසටහන පසුගිය 28 වන දින දියත් කර​යි

මීට අමතරව අතිරේක සංඛ්‍යාත පරාසයන් භාවිතයට ගනිමින් රැහැන් රහිත අන්තර්ජාල පහසුකම් ග්‍රාමීය ජනතාවට ලබාදීමටත් මේ ඔස්සේ හැකියාව ලැබෙනවා.

ඒ අනුව මේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඔස්සේ ඩිජිටල් රූපවාහිනී අත්දැකීම 2023 වසරේදී කොළඹ නෙළුම් කුළුණ ඔස්සේ ආරම්භ කිරිමට නියමිතව පවතිනවා. කොළඹ නෙළුම් කුළුණ ඔස්සේ ඩිජිටල්කරණය ආරම්භ කිරිමට සමගාමීව මහනුවර, මාතර, යටියන්තොට හා වව්නියාව ආවරණය සිදු වෙනු ඇති අතර ඉට සමගාමීව විකාශන කුළුණු 16 ක් මගින් 2025 වසර පමණ වෙන විට මුලු රට සදහාම ඩිජිටල් රූපවාහිනී අත්දැකීම ලබා දිම සිදු වෙනු ඇත.

මේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය මගින් සියලු දේශිය නාලීකා HD තාක්ෂණය ඔස්සේ විකාශනය කෙරෙනු ඇති අතර 5.1 Dolby Atmos තාක්ෂණයෙන් යුතු උසස් ශබ්ද සහිතව නැරඹිමේ හැකියාවත් ප්‍රේක්ෂකන්ට උදා වෙනවා.

මේ තාක්ෂණය ඔස්සේ රූපවාහිනී නැරඹිම සදහා අවශ්‍ය විකේතන උපකරණ (STBS) දැරිය හැකි මිලකට ජනතාවට ලබා දිම, ඒවා අවශ්‍ය ප්‍රමාණයට සැපයිම හා ඕනැම පුද්ගලයෙකුට මිලදි ගත හැකි බවට පත් කිරිම ආදි අරමුණු සමගින් වසර 10ක සහන කාලයක් සහිතව වසර 40කින් ගෙවා නිම වෙන පරිදි මුල්‍ය පහසුකම් ලබා දෙමින් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා.

Source : Ministry of Mass Media, DTTB



source https://androidwedakarayo.com/digitalization-project-to-transform-lankan-television-began/