Toyota සමාගම විසින් Electric මෝටර් රථ සඳහා මැනුවල් ගියර් පද්ධතියක් හදුන්වාදීමට සූදානම් වේ

All Page Ads

Enter the ad code here. Recommended ad size 970px x 250px. This ad will appear on the main page, index, post page and static.

Toyota සමාගම විසින් Electric මෝටර් රථ සඳහා මැනුවල් ගියර් පද්ධතියක් හදුන්වාදීමට සූදානම් වේ

Admin
Wednesday, February 23, 2022
Toyota සමාගම විසින් Electric මෝටර් රථ සඳහා මැනුවල් ගියර් පද්ධතියක් හදුන්වාදීමට සූදානම් වේ

Manual gear box එකක feel එක වෙනම feeling එකක් බව වාහනයක ගිහින් තියෙන ඕනෑම කෙනෙක් දන්නවා. වාහන පදවන අයගෙන් පිරිසක් තවමත් manual වාහනම මිලදී ගන්නේ ඒ feel එක වගේම වාහනයේ control එකත් manual gearbox එකකින් ලැබෙන නිසා.

Toyota සමාගම හිතන විදිහට, බොහෝ දෙනා නව පන්නයේ වාහන වලට මාරු නොවෙන්නෙත් මේ gearbox භේදය නිසා. ඉතින් ඔවුන් මේකට විසඳුමක් ලෙස gear නැති වාහන වර්ගයකට manual gear දෙන්නට සූදානම්වනවා. ඒ, එවැනි තාක්ෂණයක් සඳහා පේටන්ට් බලපත්‍ර කිහිපයක්ම ලබා ගනිමින්.

EV වලට මොකටද ගියර්?

EV එහෙමත් නැති නම් Electric Vehicle කියන්නේ බැටරි බලයෙන් ක්‍රියාත්මක වන මෝටරයකින් පණ ගැන්වෙන මෝටර් රථ. මේවට gear නැති නිසාම පෙට්‍රල්, ඩීසල් එන්ජින් වලට සාමාන්‍යයෙන් ලබා ගැනීමට අපහසු විශාල ත්වරණයක් (acceleration) එකවර ලබා ගන්න පුළුවන්.

Toyota සමාගම විසින් Electric මෝටර් රථ සඳහා මැනුවල් ගියර් පද්ධතියක් හදුන්වාදීමට සූදානම් වේ
දොර 4 saloon ඉලෙක්ට්‍රික් කාරයක් වන Tesla Model S Plaid රථයට 0-60mph සඳහා ත්වරණය වීමට තත්ත්පර 2ක කාලයක් පමණයි ගත වන්නේ. Image: TopGear 

මොකද මෝටරයට බලය සැපයීම එක වර සිදු කරන්න පුළුවන් නිසා සහ, auto/manual වලදී මෙන් gear කැඩීමක් සිදු නොවන නිසා ඒවාට පියවර වශයෙන් ත්වරණය වීමක් අවශ්‍ය නැ.

ඉතින් මොකක්ද මේ Toyota සමාගම ගියර් නැති වීම හේතුවෙන්ම වාසි ලබන වාහන පෙළකට ගියර් දෙන්න යන්නේ?

ජිවිතේ විඳින්න (Car එකේ)

කලින් සඳහන් කළා වගේ මේ සියල්ල manual ගියර් පද්ධතියක තියෙන "දැනීම" (feeling) එක ලබා දෙන්න කරන ලද උපායක් (trick) එකක් විතරයි.

Toyota සමාගම විසින් Electric මෝටර් රථ සඳහා මැනුවල් ගියර් පද්ධතියක් හදුන්වාදීමට සූදානම් වේ
Toyota සමාගම EV තරඟයට ප්‍රමාද වුණත් මේ වන විට ඒ සඳහා විශාල ආයෝජන හා සැලසුම් ප්‍රමාණයක් ඉදිරිපත් කොට තිබෙනවා. Image: The Verge

Toyota සමාගම ප්‍රකාශ කරන විදිහට මෙම නව තාක්ෂණය මගින් manual වාහනයක මෙන් clutch එකක් සහ H-shifter එකක් EV වලට ලබා දෙනවා.

එසේම clutch එක drag  කරන විට දැනෙන සෙලවීම ලබා දෙන්නත් මෙම පද්ධතියට හැකියාව තිබෙනවා. Car එක stall වීමත් මේ හරහා අනුකරණය කරන්න පුළුවන් බවයි ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරන තිබෙන්නේ.

Toyota සමාගම විසින් Electric මෝටර් රථ සඳහා මැනුවල් ගියර් පද්ධතියක් හදුන්වාදීමට සූදානම් වේ
Manual H-Shifter. Image: Cars.com 

මෙවැනි (කූට) උපක්‍රම දැන් බොහෝ වාහන නිෂ්පාදකයන් තම EV වලට ඇතුලත් කරනවා. Accelerate වන විට වාහනයේ ඇතුළත speakers හරහා ව්‍යාජ ශබ්දයක් (EV වලදී engine ශබ්දයක් නැති නිසා) නිකුත් කිරීම බොහෝ EV වල දැන් option එකක්.

මෙවැනි manual අනුකරණයක් දැන් Ford සමාගමත් සැදීමට යන බව විදෙස් ප්‍රවෘත්ති වෙබ් අඩවි සඳහන් කරනවා.

ඔබේ අදහස මොකක්ද? Manual ගියර් පද්ධතියක් අනුකරණය කළ පමණින් වාහන පිළිබඳ උද්යෝගයක් තිබෙන අය EV වලට මාරු වෙයිද?

Source: Interesting Engineering

from Android වැඩකාරයෝ - Sinhala Tech News provider https://ift.tt/aelDRd7
via IFTTT