Safari web browser එක පසු කරමි​න් ලොව දෙවනිය​ට ජනප්‍රියම web browser එක බවට පත් වීමට Microsoft Edge සූදානම් වේ

All Page Ads

Enter the ad code here. Recommended ad size 970px x 250px. This ad will appear on the main page, index, post page and static.

Safari web browser එක පසු කරමි​න් ලොව දෙවනිය​ට ජනප්‍රියම web browser එක බවට පත් වීමට Microsoft Edge සූදානම් වේ

Admin
Wednesday, February 23, 2022
Safari web browser එක පසු කරමි​න් ලොව දෙවනිය​ට ජනප්‍රියම web browser එක බවට පත් වීමට Microsoft Edge සූදානම් වේ

Web Analytics සේවාවක් වන Statscounter වෙබ් අඩවියට අනුව Most Popular Web Browser එක Chrome Web Browser එක වන අතර දෙවන ස්ථානයේ රැදී සිටි​න්​නේ Safari Web Browser එකයි.

Safari web browser එක පසු කරමි​න් ලොව දෙවනිය​ට ජනප්‍රියම web browser එක බවට පත් වීමට Microsoft Edge සූදානම් වේ

2021 ජනවාරි මාසයේ Safari Web Browser එකට තිබූ Market Share එක 10.38% වන අතර මේ වන විට එම අගය 9.84% දක්වා පහත බැස ඇති අතර Edge Web Browser එකට හිමි Market Share එක 9.54% වේ. ඒ අනුව Edge Web Browser එක Safari Web Browser එකට වඩා 0.3% පිටුපසින් සිටිනවා. පහතින් දැක්වෙන ප්‍රස්තාරය අනුව පෙනී යන්නෙ මේ වන විටත් Safari Web Browser එකට තවදුරටත් තම Market Share එක අහිමිවී යමින් තිබෙන බවයි.

Safari web browser එක පසු කරමි​න් ලොව දෙවනිය​ට ජනප්‍රියම web browser එක බවට පත් වීමට Microsoft Edge සූදානම් වේ

මේ අයුරින්ම Safari Web Browser එකෙහි Market Share එක අඩු වෙමින් ගියහොත් හතරවන ස්ථානයේ රැදී සිටින Market Share එක 9.18% දරා සිටින Firefox Web Browser එකටත් වඩා පහළ බසිනු ඇත. කෙසේ වෙතත් නිතරගයෙන්ම ප්‍රථම ස්ථානයේ රැදී සිටින්නේ Chrome Web Browser එකයි.

උතුරු ඇමෙරිකාවවේදි පමණක් මෙම අගයන් සැලකූවිට Safari Web Browser එකට 16.87% ක Market Share එකක් පවතින අතර Edge Web Browser එක⁣ට පවතින්නේ 11.93% පමණ Market Share එකකුයි. නමුත් දැනටමත් යුරෝපයේ සහ ආසියාවේ Market Share අනුව නම් Edge Web Browser එක මේ වන විටත් Safari Web Browser එක අභිබවා ගොස් අවසන්. ඒ සියල්ලම එසේ සිදු වන ඉහත දැක්වූ කලාප වලත් ප්‍රථම ස්ථානය දරා සිටින්නෙ Chrome Web Browser එකයි.

Source : macrumors

from Android වැඩකාරයෝ - Sinhala Tech News provider https://ift.tt/KpZVY6b
via IFTTT