Mac උපාංග සහ අනෙකුත් පරිගණක වෙත ChromeOS Flex නමින් ChromeOS එක නිල වශයෙන් ලබා දීමට කටයුතු කර​යි

All Page Ads

Enter the ad code here. Recommended ad size 970px x 250px. This ad will appear on the main page, index, post page and static.

Mac උපාංග සහ අනෙකුත් පරිගණක වෙත ChromeOS Flex නමින් ChromeOS එක නිල වශයෙන් ලබා දීමට කටයුතු කර​යි

Admin
Wednesday, February 23, 2022
Mac උපාංග සහ අනෙකුත් පරිගණක වෙත ChromeOS Flex නමින් ChromeOS එක නිල වශයෙන් ලබා දීමට කටයුතු කර​යි

Google සමාගම විසින් ඔවුන්ගේ ලැප්ටොප් මෙහෙයුම් පද්ධතිය වන Chrome OS සඳහා නව සංස්කරණයක් හඳුන්වා දී තිබෙනවා, ඒ Chrome OS Flex යනුවෙන්.

මෙම නවමු සංස්කරණය නිමවා ඇත්තේ පාසල් සහ කුඩා ව්‍යාපාර වෙනුවෙන් වන අතර විශේෂත්වය නම් එය officially PC සහ Mac පරිගණක සඳහා සහය දැක්වීමයි.

මීට කලින්, පැරණි PC එකක හෝ Google විසින් අනුමත නොකරන ලද device එකක Chrome OS install කිරීමට නිත්‍යානුකුලව අවසර හිමි නොවුණ අතර, Linux OS එකක් හරහා, Chrome OS install කිරීම කළ හැකි වූවත් ඒ සඳහා Play Store සහය ලබා ගැනීම ප්‍රශ්නකාරී වුණා.

එනම්, Google අනුමත නොකරන ලද device එකක Chrome OS හා Play Store භාවිත කිරීම ඔබේ Google ගිණුම අක්‍රිය කිරීමට හේතුවක් ලෙසයි Google සමාගම දන්වා තිබුණේ.

මෙම නව Chrome OS සංස්කරණයත් සමඟ එම බාධා ඉවත් වනවා.

Mac උපාංග සහ අනෙකුත් පරිගණක වෙත ChromeOS Flex නමින් ChromeOS එක නිල වශයෙන් ලබා දීමට කටයුතු කර​යි
Image: 9to5Google

Google සමාගමට අනුව, Chromebook එකක් මත run කරන OS එකක් හා මේ සංස්කරණය අතර වෙනසක් නොදැනෙනු ඇති. එසේ වූවත්, ඇතැම් විශේෂාංග පරිගණකයේ දෘඩාංග (hardware) මත වෙනස් විය හැකි බවත් ඔවුන් දන්වා තිබුණා.

ඔබට මෙම නව Chrome OS සංස්කරණය අත්හදා බැලීමට අවශ්‍ය නම්, Chrome Enterprise වෙබ් අඩවියෙන් ඒ සඳහා ලියාපදිංචි වී image එකක් බාගත කර ගෙන සාමාන්‍ය පරිදි USB boot එකක් කළ හැකියි.

Mac උපාංග සහ අනෙකුත් පරිගණක වෙත ChromeOS Flex නමින් ChromeOS එක නිල වශයෙන් ලබා දීමට කටයුතු කර​යි
Installation. Image: GamingSym

කෙසේ නමුත් මෙම OS එක තවමත් සංවර්ධන මට්ටමේ පවතින නිසා ඔබට බොහෝ bugs බලාපොරොත්තු වෙන්නට සිදු වේවි.

Source: Chrome Enterprises

from Android වැඩකාරයෝ - Sinhala Tech News provider https://ift.tt/gy5JFcb
via IFTTT